• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොවිතැන සඳහා සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීම
- උඩවලව ජලාශය යටතේ වගා කටයුතුවල නිරත ගොවීන්ගේ වගාවන් සඳහා ප්‍රමාණවත් ජලය නොමැති වීම හේතුවෙන් සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග විදුලිබල හා බලශක්ති ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී. එකී විකල්පයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, දැනට සමනල වැව ජලාශයේ ඉතිරිව පවතින ජලයෙන් හැකි උපරිම ප්‍රමාණයක් ගොවිතැන් කටයුතු සඳහා මුදා හැරීමටත්, එමඟින් විදුලි ජනනය සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලුවට පිළියමක් වශයෙන් අවශ්‍ය විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.