• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමේ දී ලද ජයග්‍රහණ හා ඉදිරි දැක්ම
- ගරු ජනාධිපතිතුමා 2022 වර්ෂයේ මැයි මාසයේදී අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වන අවස්ථාවේදී රට මුහුණ පා තිබූ ගැටලු පිළිබඳවත්, 2022-07-20 දින ජනාධිපති ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, නව අමාත්‍ය මණ්ඩලය හා එක්ව එකී ගැටලු විසඳමින් රටේ ආර්ථික ස්ථායීතාව ඇති කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය, බලශක්ති අංශය, විදේශ අංශය, ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ විදේශ මූල්‍යයනය යන අංශ සම්බන්ධයෙන් මේ දක්වා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. එමෙන්ම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම පිණිස ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ කරන ලදී.