• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම
- ගගන නාවික සේවා සැපයීම සඳහා සේවා සැපයුම්කරුවන් වැඩි සංඛ්‍යාවකට ඉදිරිපත් වීමට හැකි වන පරිදි 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 6(3)(ඉ) වගන්තිය සංශෝධනය කිරීම පිණිස 2023-03-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් ‌කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.