• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියාවේ, කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දී සහ ඉන්දුනීසියාවේ, ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා සේවාවන් සපයා ගැනීම
- ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාවේ කොචින් සහ ඉන්දුනීසියාවේ ජකර්තා යන ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල ගුවන් මගීන්, ජංගම ගුවන් සෝපාන හා භාණ්ඩ තොග හසුරවාලීම යන අංශ සඳහා සේවා සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි සේවා සැපයුම් කොන්ත්‍රාත්තුව AI Airport Services Limited වෙතත්, ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි සේවා සැපයුම් කොන්ත්‍රාත්තුව PT. Gapura Angkasa වෙතත් පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.