• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිං ගඟේ ගංවතුර හේතුවෙන් නිතර විපතට පත් වන ජනතාවට සිදු වන හානිය වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ගිං ගඟේ ගංවතුර හේතුවෙන් නිතර විපතට පත් වන ජනතාවට සිදු වන හානිය වැළැක්වීමට ස්ථිර විසඳුමක් ලබා දීමට හැකි වන පරිදි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස MCC - Sinohydro Consortium ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.