• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- දේශීය නිෂ්පාදකයින් වෙත පහසුකම් සලසන අතරම සිමෙන්ති හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයෙන් ලැබෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ අපේක්ෂාවෙන් සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අතරමැදි ද්‍රව්‍යයක් වන ක්ලින්කර් සහ සම්පූර්ණයෙන් නිමවන ලද හා අලෙවිය සඳහා පවතින සිමෙන්ති ආනයනය කිරීමේදී අය කරනු ලබන සෙස් බද්ද ඉහළ නැංවීම පිණිස 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන යටතේ නියමයක් නිකුත් කරනු ලැබ ඇත. 2023-06-16 දිනැති අංක 2336/71 දරන රජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති එකී නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.