• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ සහයෝගිතාව වර්ධනය කිරීම පිණිස වසර තුනක කාලයක් සඳහා අත්සන් තබා තිබූ අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව 2020-02-15 දිනෙන් අවසන් වී ඇත. දෙරට අතර කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්නුම් කළ හැකි ක්‍රීඩා ක්ෂේත්‍රයන් හඳුනාගෙන එම ක්ෂේත්‍රයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරින් අතර තොරතුරු හා වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ අනෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන එකී සහයෝගිතා ගිවිසුම තවදුරටත් වසර තුනක කාලයකට දීර්ඝ කිරීමට හැකි වනු පිණිස නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. ඒ අනුව, සකස් කරන ලද අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත සඳහා දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ ඇති අතර ඒ සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ද ලැබී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.