• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුව වෙතින් අරමුදල් සලසා ගැනීම
- දිළිඳු හා අවදානමට ලක් වූවන්ට වඩා හොඳ ඉලක්කගත ආදායම් සහායක් සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙන සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කරනු ලබන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස 2023-05-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව පැවැති සාකච්ඡා සම්මුතිවලදී 'අස්වැසුම' නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයට සහාය වීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 185ක් ද, තෝරාගනු ලබන ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 08ක් ද වශයෙන් සංරචක තුනක් (03) යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සලසා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. අදාළ ණය මුදල ලබා ගැනීම පිණිස ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.