• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වන සාකච්ඡා වටය
- යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වන පස්වන සාකච්ඡා වටය 2023-06-26 දින සිට 2023-06-28 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇත. රේගු සහයෝගිතාව හා වෙළෙඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව මෙන්ම සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව යන පරිච්ඡේද සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම වටයේදී අවසන් කරනු ලැබ තිබේ. යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්මට අනුගත වෙමින් 2024 පෙබරවාරි මාසය වන විට අදාළ සාකච්ඡා අවසන් කිරීමටත්, 2024 මාර්තු මාසය වන විට ගිවිසුමට අත්සන් තැබීමටත් අපේක්ෂා කරන බව දක්වමින්, ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වන වටයේ සාකච්ඡාවන්හි ප්‍රගතිය සම්බන්ධ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.