• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සිදු කරන සංශෝධන
- දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල හෝ පාරිතෝෂික අරමුදල් සහ ඒ හා සමාන අරමුදල් විසින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් උපයනු ලබන ආදායම මත අය වන ආදායම් බදු අනුපාතය වෙනස් කිරීම පිණිස 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අදාළ සංශෝධන හඳුන්වා දීම සඳහා 2023 06 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.