• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය මුහුදු යාත්‍රා සහ විදේශීය රාජ්‍ය හෝ හමුදා ගුවන්යානා සඳහා රාජ්‍යතාන්ත්‍රික අවසරය ලබා දීම පිණිස සම්මත මෙහෙයුම් පටිපාටියක් හඳුන්වා දීම
- ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් විදේශීය මුහුදු යාත්‍රා සහ විදේශීය රාජ්‍ය හෝ හමුදා ගුවන්යානා ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් පැමිණේ. එමෙන්ම රාජ්‍යයන් සහ ශක්‍යතා සහිත ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික කලාපය සහ ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටකය තුළ සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වයි. එම තත්ත්වය මත එකී කාර්යයන් සඳහා රාජ්‍යතාන්ත්‍රික අවසර ලබා දීමට හැකි වන පරිදි සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසමින් සකස් කරනු ලැබ ඇති සම්මත මෙහෙයුම් පටිපාටිය වැඩබලන විදේශ කටයුතු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.