• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2023
- ජපාන ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක වන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 4 වන කාලරාමුවේ දෙවන කණ්ඩායම සඳහා ජපාන යෙන් මිලියන 284ක් (රුපියල් මිලියන 611ක් පමණ) ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස ජපාන රජය සමඟ හුවමාරු ලිපි අත්සන් තැබීමටත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ගිවිසුමකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.