• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියාවේ, චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ශ්‍රීලංකන් ගුවන් මගීන් සහ ජංගම ගුවන් සෝපාන හසුරුවාලීමේ සේවා සඳහා වන කොන්ත්‍රතාත්තුව පිරිනැමීම
- චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මගීන් සහ ගුවන් යානා ජංගම සෝපාන හසුරුවාලීම සඳහා දැනට පවතින බිම් මෙහෙවර සේවා කොන්ත්‍රාත්තුව 2023 10 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. එකී සේවාවන් ලබා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව Bird Airport Services (Chennai) Pvt. Ltd. වෙත වසර 03ක කාලසීමාවක් සඳහා පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.