• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කත්මණ්ඩු ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ වත්මන් කොන්ත්‍රාත්තුව 2023 08 31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. නව ගුවන්යානා ඉන්ධන සැපයුම්කරුවන් තෝරා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා එක් ලංසුවක් පමණක් ලැබී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන Associated Energy Group LLC වෙත වසර 02 කාලයකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.