• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් යටතේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පිණිස දෙරට අතර 2022 03 28 දින අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එකී අවබෝධතා ගිවිසුම යටතේ බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් සඳහා සූර්යබල විදුලි පහසුකම් සලසා ගැනීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව, දැනටමත් එළඹ ඇති අවබෝධතා ගිවිසුමට අදාළ සංශෝධන සිදු කරමින් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.