• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වා දීම
- 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනත මඟින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පාලනය වන අතර එකී ආඥාපනතේ සඳහන් විධිවිධාන වත්මන් අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාව බැඳී සිටින අන්තර්ජාතික නීතිමය වගකීම් සහ ප්‍රමිතීන්ටද එකී ආඥාපනතේ ඇතැම් විධිවිධාන අනුකූල නොවේ. එබැවින්, නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මත එවකට අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති නීති ප්‍රතිසංස්කරණ කමිටුව විසින් ඒ සඳහා මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.