• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා වන අපගමන බදු සහනය දීර්ඝ කිරීම
- යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා එම ගුවන්තොටුපොළේදී ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් ගෙවිය යුතු අපගමන බද්දෙන් 50%ක් පමණක් මාස 06ක කාලසීමාවක් සඳහා අය කිරීම පිණිස 2022 12 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී සහන කාලසීමාව 2023 07 11 දිනෙන් අවසන් වී ඇත. එම ගුවන්තොටුපොළ භාවිත කරනු ලබන මගීන් සඳහා දැරිය හැකි මිලකට ගුවන් ගමන් බලපත්‍රවල මිල තීරණය කිරීමට හැකි වන පරිදි අපගමන බද්දෙන් 50%ක් පමණක් අය කිරීමේ කාලසීමාව තවත් මාස 06කින් දීර්ඝ කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.