• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැඩිහිටි ආධාර ලබන තැනැත්තන්, හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනැත්තන් හා ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් සඳහා සුබසාධක ප්‍රතිලාභ ලබා දීම
- අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගත් මිලියන දෙකක් පමණ වන නාම ලේඛන මේ වන විට අභියාචන සහ විරෝධතා ඉදිරිපත් කිරීම පිණිස ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම වැඩපිළිවෙල යටතේ සුබසාධක ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලුම් කරනු ලැබ ඇති වැඩිහිටි ආධාර ලබන තැනැත්තන්, හඳුනානොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනැත්තන් හා ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන් වඩාත් සුදුසු නිර්ණායක සහ උපමාන පාදක කරගනිමින් නිර්ණය කරනු ලබන තෙක්, මේ දක්වා ප්‍රතිලාභ ලබමින් සිටි එම සමාජ කණ්ඩායම් 3 සඳහාම දැනට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ගැසට් නිවේදනයේ සඳහන් සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.