• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07 වන කණ්ඩායම බඳවා ගැනීම
- රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07 වන කණ්ඩායම බඳවා ගැනීම පිණිස 2023-04-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ලංකා බැංකුව සහ මහජන බැංකුව විසින් සම්පූර්ණ ණය කාලසීමාව සඳහා 13%ක අවම පොලී අනුපාතිකයක් පවත්වාගෙන යමින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස එකඟතාව පළ කර ඇත. ඒ අනුව, 2019, 2020 සහ 2021 වර්ෂයන්හි උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා හැදෑරීම පිණිස තෝරාගනු ලැබ ඇති සිසුන් අතුරින් නියමිත සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා 07 වන කණ්ඩායම යටතේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.