• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
- 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය අනුව වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් විෂයභාර අමාත්‍යවරයා විසින් සෑම මුදල් වර්ෂයකම ජුනි මස අවසාන දින වන විට මහජනතාව වෙත නිකුත් කළ යුතු අතර, ඉන් අනතුරුව, එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වේ. ඒ අනුව, 2023-06-30 දින දක්වා වන වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩිවියෙහි ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.