• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත
- 2023 වර්ෂය සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම පිණිස 2023-06-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 2022 අංක 43 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.