• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29අ වගන්තියේ (2)වන උපවගන්තිය යටතේ නියමය
- සුළු හිමිකම් අධිකරණ වෙත අනන්‍ය මුල් සිවිල් අධිකරණ බලය ඇති හත්වන උපලේඛනයේ නිශ්චිතව සඳහන් කරනු ලබන සියලු නඩුවල මුදල් වටිනාකම අධිකරණ විෂයභාර අමාත්‍යවරයා විසින් කලින් කලට නියම කළ යුතු බවට වන විධිවිධාන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29අ(2) වගන්තියෙහි සඳහන්ව ඇත. එකී අධිකරණ වෙත පවරනු ලැබ ඇති පොලිය හැර රුපියල් මිලියන 1.5ක් දක්වා වන මුදල් වටිනාකම, පොලිය හැර රුපියල් මිලියන දෙකක් හෝ රුපියල් මිලියන දෙක නොඉක්මවිය යුතු බවට වන නියමයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විසින් අංක 2328/16 දරන 2023-04-21 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.