• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 අංක 01 දරන සිවිල් ගුවන් සේවා ගගන නාවික සේවා (ගුවන් සංතරණ හා ගුවන් සේවා ආරක්ෂක) සැපයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ නියෝග
- ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියෙහි ඇමුණුම්වල දක්වා ඇති ප්‍රමිති හා නිර්දේශිත පරිචයන්ට අනුකූල වෙමින් ශ්‍රී ලංකාවේ ගගන යාත්‍රාංගන හා ගුවන් අවකාශය නිරුපද්‍රිත ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු සඳහා තහවුරු කිරීමට හැකි වන පරිදි ගුවන් සංතරණ හා ගුවන් ආරක්ෂක සේවා සැපයීම නියාමනය කිරීම පිණිස 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ විධිවිධාන ප්‍රකාරව 2023 අංක 01 දරන සිවිල් ගුවන් සේවා ගගන නාවික සේවා (ගුවන් සංතරණ සහ ගුවන් සේවා ආරක්ෂක) සැපයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ නියෝග, අංක 2326/16 දරන 2023-04-03 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.