• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යූහගත කිරීම
- සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්, එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් ලබා නොලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.