• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරය ස්ථාපිත කිරීම සඳහා ලබා දීම
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරය ඉදි කිරීම සඳහා මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ පිහිටි අක්කර 03ක ඉඩම් කොටසක් වෙන් කර දී තිබේ. එම ඉඩම් කොටස අත්කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කර ඇති මුදල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මේ වන විට ගෙවනු ලැබ ඇත. ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එකී ඉඩම් කොටස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත සින්නක්කර ඔප්පුවකින් පවරා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.