• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම - 2048
- ශ්‍රී ලංකාවේ ජාතික භෞතික සැලසුම යාවත්කාලීන කිරීම සඳහා 2020-01-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද රාජාසන කථා සහ අයවැය කථා මඟින් ඉදිරිපත් කරන ලද යෝජනා, රජයේ ප්‍රතිපත්ති රාමුව සහ විවිධ ආයතන මඟින් යාවත්කාලීන කරන ලද දත්ත සහ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටු වාර්තාව - 2021 පදනම් කර ගනිමින් 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධන) පනතේ විධිවිධාන අනුව පිහිටවනු ලැබ ඇති කාර්මික උපදේශක කමිටුවේ උපදෙස් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් "ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම - 2048" පිළියෙල කරනු ලැබ ඇත. එකී සැලැස්ම සඳහා ජාතික භෞතික නිර්මාණ පිළිබඳ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවේ සහ ජාතික භෞතික නිර්මාණ කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම - 2048 ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.