• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දුනීසියාව සමඟ එළැඹීමට යෝජිත වරණීය වෙළෙඳ ගිවිසුම
- අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී වෙළෙඳ සබඳතා ගොඩනගා ගැනීමට සුදුසු විභවයක් සහිත වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දිගුකාලීනව එරට සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් එහි මූලික පියවරක් වශයෙන් වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.