• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයකට අත්සන් තැබීම
- ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිණිස ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශ කිරීමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීම පිණිස ගරු ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.