• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීම මඟින් තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමවේදය නැවත ස්ථාපිත කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන පරිදි 2023 අංක 10 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි 2023 ජුනි මස 14 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.