• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023/24 සහ 2024/25 කාලසීමාව සඳහා මව් නෞකාවේ සිට ලක්විජය විදුලි බලාගාර ජැටිය වෙත ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා (බත්තල්) යොදා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව සහ ඉන්දියාවේ M/s Shreeji Shipping අතර පවත්නා ගිවිසුම දීර්ඝ කිරීම
- පුත්තලම වරායේ නැංගුරම්ලන නැව්වලින් ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාර ජැටිය වෙත 2021/22 සහ 2022/23 වර්ෂයන් තුළ ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා (බත්තල්) යොදා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ M/s Shreeji Shipping වෙත පිරිනමා ඇත. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ආරම්භයේ පටන් ගල් අඟුරු ගොඩ බෑමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට හැකි වන පරිදි සැහැල්ලු යාත්‍රා (බත්තල්) සේවයේ යොදවා ගැනීම පිණිස M/s Shreeji Shipping සහ ලංකා නැව් සංස්ථාව අතර පවත්නා ගිවිසුම තවත් වර්ෂයක කාලයකින් දීර්ඝ කිරීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.