• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම
- "උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය" සඳහා වන ව්‍යාපෘති පිරිවැයෙන් 75%ක් මූල්‍යයනය කිරීම සඳහා යූරෝ මිලියන 45ක ණය මුදලක් ලබා ගැනීම පිණිස නෙදර්ලන්තයේ ING Bank N.V. සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඉතිරි 25%ක ව්‍යාපෘති පිරිවැය නෙදර්ලන්ත රජයේ Invest International Public Programmes B.V. මඟින් ප්‍රදානයක් වශයෙන් මූල්‍යයනය කරනු ලබයි. මේ වන විට ව්‍යාපෘතියෙහි භෞතික ප්‍රගතිය 92%ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ණය මුදල 10%කින් පමණ අඩු කර ව්‍යාපෘතිය සඳහා ලබා දෙනු ලබන ප්‍රදානය 35% දක්වා ඉහළ නැංවීමට නෙදර්ලන්ත රජය විසින් තීරණය කර ඇත. ඒ සඳහා අදාළ සංශෝධන ඇතුළත් කරමින් නෙදර්ලන්ත රජයේ Invest International Public Programs B.V. සහ නෙදර්ලන්තයේ ING Bank N.V. සමඟ එකඟතා ගිවිසුමකට එළඹිය යුතුව ඇත. ඒ අනුව, එකී ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.