• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත
- නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥවරුන් විසින් පවත්වාගෙන යනු ලබන උසස් ප්‍රමිතීන්ගේ විශිෂ්ටත්වය පිළිගැනීම සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2023-01-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.