• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 30 දරන බැංකු පනතට යෝජිත සංශෝධන
- තිරසර ආර්ථික වර්ධනයට සහාය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාවක් සහිත බැංකු අංශයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.