• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල පිළිබඳ ගිවිසුමට ප්‍රවේශ වීම
- අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN)සාමාජික රටවල් 10 සහ එම සංගමයේ රටවල් සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹ ඇති කලාපීය රටවල් වන ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තය යන රටවල් 05 එක්ව ක්‍රියාත්මක කරනු ලබන නිදහස් වෙළෙඳ ගිවිසුම, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල පිළිබඳ ගිවිසුම වශයෙන් හඳුන්වනු ලබයි. එකී ගිවිසුම සමඟ සම්බන්ධ වීම මඟින් ශ්‍රී ලංකාවට ආර්ථික මෙන්ම අනෙකුත් ප්‍රතිලාභ රාශියක් අත් කර ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල සමඟ සම්බන්ධ වීම සඳහා විධිමත් අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපියක් යොමු කිරීම පිණිස ජනාධිපති ලේකම්වරයාට බලය පැවරීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.