• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ලෝක බැංකුවේ සහාය ලබා ගැනීම
- 2023 සිට 2024 දක්වා වසර 02ක කාලයක් සඳහා සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන යටතේ ලෝක බැංකුවේ සහාය ලබා ගැනීම පිණිස අදාළ සාකච්ඡා 2023 05 17 දින පවත්වනු ලැබ ඇත. එකී වැඩසටහන යටතේ 2023 වර්ෂය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 371.2ක් වාරික 02කින් ලබා දීමට එකඟතාව පළ වී තිබේ. යෝජිත මූල්‍ය පහසුකම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ එකඟතාව ලබා ගෙන ඇත. ඒ අනුව, එකී මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාළව ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.