• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වය - 2023-2025
- ඉන්දියන් සාගරයට මායිම් වන සාමාජික රටවල් 23කින් සමන්විත ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ සභාපතිත්වය 2023 ඔක්තෝබර් මාසයේදී එම සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාව වෙත භාර දීමට නියමිතව තිබේ. එම සංවිධානයේ සභාපතිත්වය දරන කාලසීමාව තුළදී කලාපයේ සහ සාමාජික රටවල සංවර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිණිස පියවර ගත යුතු වේ. එකී කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සභාපතිත්වය යටතේ අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත ජාතික කාර්යසාධක බලකායක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමටත්, වසර දෙකක කාලසීමාවක් සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.