• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම
- ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක් කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ අනුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගම්වල ආගමික නායකයින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.