• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග කඩිනම් කරනු පිණිස දේශගුණික අවදානමට පාත්‍ර වන හා සංවර්ධනය වෙමින් පවතින සමාන අදහස් දරන රටවල "දේශගුණික යුක්ති සංසදය" ඇති කිරීම
- ගෝලීය දේශගුණික සංවාදය තුළ දේශගුණික අවදානම්වලට මුහුණ දෙනු ලබන හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් බලපානු ලබන තීරණාත්මක අංශ කිහිපයක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින අතර, අලාභ හා හානි අරමුදලක් පිහිටුවීම පිළිබඳව පසුගිය දේශගුණ විපර්යාස පිළිබඳ සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කළද විවිධ හේතු නිසා එම අරමුදල ස්ථාපිත කිරීම මෙතෙක් ප්‍රමාද වී ඇත. එබැවින්, අලාභ හා හානි සඳහා මූල්‍ය සම්පාදනය වේගවත් කිරීමේ හා විකල්ප හා සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ප්‍රවේශයක් සැපයීමේ අරමුණ ඇතිව ‘දේශගුණික යුක්ති සංසදය’ පිහිටුවීම යෝග්‍ය බවට ශ්‍රී ලංකාව විසින් යෝජනා කරනු ලැබ ඇත. එසේම, දේශගුණික වශයෙන් අවදානමට පාත්‍ර වන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය හානි අවම කිරීමේ හා අනුවර්තනය වීමේ මැදිහත් වීම සඳහා ලබා දිය යුතු සමස්ත විසඳුම් යෝජනාවලියේ අත්‍යවශ්‍ය සංරචකයක් ලෙස, එම රටවල් මුහුණ පා ඇති ණය අර්බුදයන් සැලකිල්ලට ගෙන ‘ණය යුක්තිය’ ද ඇතුළත් කිරීම යෝග්‍ය බව ශ්‍රී ලංකාවේ අදහසයි. ඒ අනුව, එකී ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා දේශගුණික යුක්ති සංසදය පිහිටුවීමේ අදහසෙහි යෝජනාකරු වශයෙන් පරිසර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද උපායමාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.