• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලන ආයතනයේ රාජ්‍ය නීතිය පිළිබඳ නෛතික අස්ථිත්වය අතර එකඟතාවකට එළඹ ඇත. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් අවබෝධතා ගිවිසුමට නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.