• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී ආයතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් යෙදවීමෙන් හෝටල් සංකීර්ණයක් ඉදි කර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එකී ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ලබා ගැනීම පිණිස ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, අදාළ ආයතනවල එකඟතාව ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.