• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 13 වන වගන්තියේ විධිවිධාන පරිදි මුදල් විෂයය භාර ඇමතිතුමා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව අදාළ මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් (05) ගත වීමට පෙර මහජනතාව වෙත නිකුත් කිරීමත්, ඉන් අනතුරුව, එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සිදු කළ යුතු වේ. ඒ අනුව, 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ත්ව වාර්තාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.