• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපති මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ ආඥාපනත සංශෝධනය කිරීම
- 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධාන බලාත්මක වීමත් සමඟම පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපති මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ ආඥාපනත සඳහා ආනුශංගික සංශෝධනයන් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබූ අතර, එකී සංශෝධන සිදු කිරීම සඳහා 2023-01-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිශ්කාෂණය ලැබී තිබේ. අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.