• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1864 අංක 13 දරන පාන් ආඥාපනත අවලංගු කිරීම
- පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවනු ලැබ ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥාපනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු පැන නැගෙන අවස්ථාවන් ඇති බැවින් එකී ආඥාපනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, එම ආඥාපනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.