• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- මැතිවරණයක් සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ / ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් විසින් චර්යාධර්ම පද්ධතිය (Code of Conduct) උල්ලංඝනය කළ විට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, මැතිවරණ දින නියමිත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිතා කළ නොහැකි වන විශේෂයෙන් හඳුනාගත් ඡන්දදායකයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන ඇති කිරීම සඳහාත් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස 2022-12-12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එසේම, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති විට මාධ්‍ය උපමාන (Media Guidelines) උල්ලංඝනය කරන අවස්ථාවන්හිදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිණිස ද 2022-12-12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබ ඇත. කෙසේ වුවද, ඉහත සඳහන් සංශෝධනයන් ඇතුළත් කරමින් අදාළ මැතිවරණ පනත් වෙන් වෙන් වශයෙන් සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් හඳුන්වා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, අදාළ සංශෝධනයන් ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.