• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කිරීම
- 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඖෂධවල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින්, ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී 97%ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත. රජය විසින් අනුගමනය කරනු ලබන වත්මන් ආර්ථික ස්ථායීකරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමින් අඩු වී තිබේ. ඒ අනුව, ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 2023-06-15 දින සිට බලාත්මක වන පරිදි 16%කින් අඩු කිරීම පිණිස සහ සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.