• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හනිවෙල් අතිරේක බල සැපයුම් ඒකක (Honeywell APUs) අලුත්වැඩියා කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ශ්‍රී ලංකන් ගුවන් සේවයේ Honeywell අතිරේක බල සැපයුම් ඒකක අලුත්වැඩියාව සඳහා සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු තුනක් ලැබී ඇති අතර, තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, Honeywell අතිරේක බල සැපයුම් ඒකක අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව වසර 02ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15.3ක ඇස්තමේන්තුගත මිලකට සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම මිල ගණන් ඉදිරිපත් කළ Honeywell International SARL වෙත පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.