• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම
- හොරණ අපනයන සැකසුම් කලාපයේ දැනට ක්‍රියාත්මක වන පොදු අපජල පවිත්‍රාගාරයේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අපජලය අවට ඇල මාර්ගවලට මුදාහැරීම මහජන පීඩාවට තුඩු දෙන කරුණක්ව ඇත. මේ හේතුවෙන් හොරණ අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම යටතේ දිනකට ඝන මීටර් 2000ක ධාරිතාවයකින් යුත් අපජල පවිත්‍රාගාරය ඉදිකිරීම කඩිනම් කරන ලෙස පළාත් පාලන ආයතන විසින් ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් ඉල්ලා ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එකඟතාව ලබා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,110ක් යොදා ගනිමින් හොරණ අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.