• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
- "අධිකරණයකට අපහාස කිරීම" වරද පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත විධිවිධාන සහ අවස්ථානුගත තත්ත්ව, විත්තිවාචක සහ දඬුවම් නියම කිරීම සහ දඬුවම් ලිහිල් කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය ඇතුළත් "අධිකරණයට අපහාස කිරීම" පිළිබඳ නීති හඳුන්වා දීම සඳහා 2022-06-27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.