• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පන‌තේ විධිවිධාන යටතේ ප්‍රකාශයට පත් කළ නියෝගය
- ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික මිනුම් ප්‍රමිතීන් පවත්වාගෙන යාමත්, විවිධ ක්ෂේත්‍ර සඳහා මිනුම් සේවා ලබා දීමත්, මිනුම් මත පදනම් වූ නියාමන හා සේවා ක්‍රියාකාරකම් තුළින් සාධාරණත්වය සහතික කිරීමත්, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන් වේ. ඒ අනුව, 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 3(ආ) උපවගන්තිය යටතේ ජාතික මිනුම් පර්යේෂණාගාරය පිහිටුවා ඇති අතර, එම පර්යේෂණාගාරයේ කටයුතු සඳහා 2022-06-16 දින සිට බල පැවැත්වෙන පරිදි මිනුම් විද්‍යා පරීක්ෂණ නිලධාරි තනතුර ප්‍රකාශයට පත් කරමින් පනතේ විධිවිධාන පරිදි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමතිතුමා විසින් 2022-08-26 දිනැති අංක 2294/54 දරන ගැසට් නිවේදනය මඟින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත. එකී නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.