• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාගම් ලේකම්වරුන්ට අදාළ නියෝග 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ යාවත්කාලීන කිරීම
- සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සියලුම සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සපයනු ලබන බැවින්, එම කටයුතු විධිමත් පරිදි පවත්වාගෙන යාම සඳහා 1982 අංක 17 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ විෂයභාර අමාත්‍යවරයා විසින් පනවනු ලැබ ඇති සමාගම් ලේකම්වරුන් සම්බන්ධයෙන් වන නියෝග සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ පාර්ශ්වකරුවන් සහ උපදේශක කාරක සභාවේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන සමාගම් ලේකම්වරුන්ට අදාළ සංශෝධිත නියෝග 2023-03-17 දිනැති අංක 2323/41 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.